Mayawarunge Lokaya Full TV Series Download Links | මායාවරුන්ගේ ලෝකය

කතාමාලාව ගැන හැඳින්වීමක්.. (නරඹපු නැති අය වෙනුවෙන්)

   මායාවරුන්ගේ ලෝකය යනු 2011දී විකාශය වූ චීන රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ගිලියන් චුංග් පුරාවිද්‍යාඥයකුගේ දියණියකගේ චරිතය නිරූපණය කරයි. ඇය කාලයේ ආපස්සට ගමන් කරනඅතර එහි දී ඇය සටන්කාමී පූජකවරියකගේ නැවත උපතක් බව පැහැදිළි වෙයි. ඇය මිනිස්-මකර දෙමුහුම් ජීවියකු සමග එක් වී බිඳුණු මායා බඳුනක් නැවත සෑදීමට උත්සාහ ගනියි. මෙම කතාමාලාව රුමිකෝ තකහෂිගේ ජනප්‍රිය ජපන් චිත්‍රකථා මාලාවක් වන ඉනු යෂා හි නිලනොවන අනුවර්තනයක් ලෙස සැලකෙයි.

වසර ගණනාවකට පෙර ටෙංෂේ දෙවගනගේ මිනිම් ස්වරූපයක් වූ මෝ යින්, සිය සොයුරිය වූ ෂියෑන් යුඒගේ ජනප්‍රියත්වය සහ රජු ඇයට පුදකළ ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළුණා ය. මෝ යින් අසුර අධිපතියකු වූ ෂි යූ මිං සමග එක් වී සිය සොයුරිය මැරවීමට උත්සාහ දරයි. මේ නිසා සුර, මිනිස් සහ අසුර ලොව අතර සමතුලිතතාව බිඳී අසුරයන්ට වැඩි බලයක් හිමි වේ.
වර්තමානයේ ෂියෑන් යුඒගේ නැවත උපත වන දිං යාඕ ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පුරාවිද්‍යාඥයකු වූ සිය පියාට උපකාර කරන අතරතුර නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වී ඇය වසර 3,500ක් ඈතඅතීතයේ වූ නාන්යුඒ වෙත ඇදී යයි.
වරක් ඇය සහ ෂියෑන් යුඒ අතර සමානකම දැක නාන් යුඒහි රජු ඇය සමග විවාහ වීමට සැරසෙයි. මේ අතර යක්ෂයන්පාලනය කළ හැකි මායා බඳුන සොයා පැමිණෙන අසුරයින් දිං යාඕ පසුපස හඹා එන අතර දිං යාඕ මාලිගයෙන් පලා යයි. ඇය සොහොන්ගැබක සැගවෙන අතර එහි දී ඇයට සිරකරන ලද අර්ධ රාක්ෂයකු වූ වෙන් තියෑන් හමු වෙයි. ඇය ඔහුව නිදහස් කරන අතර ඔහු ඇයව ආරක්ෂා කරයි. මෙවිට දිං යාඕ සතුව තිබූ කුඩා මැටි රුවකින් හදිසියේම මායා බඳුන මතු වෙයි.
අවාසනාවට දිං යාඕ අතින් මායා බඳුන බිදෙයි. මේ නිසා මිනිස් ලොව මැවූ න්‍යූවා දෙවගනගේ පූජනීය මුතු සොයාගෙන වෙන් තියෑන් සමග එක්ව මායා බඳුන නැවත පිළිසකර කිරීමට ඇයට සිදු වෙයි.
2013 වසරේදී ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මෙම කතාමාලාව සිංහල හඬින් රසවින්දනයට අවස්ථාව ලබාදෙන්නේ ජාතික රූපවාහිනී සේවයෙනි. (2015 දී නැවත විකාශය වුනා)
අපගේ බ්ලොග් අඩවියේ පලමු HD සංස්කරණයද මෙයයි.
කෙසේ හෝ එය නැවතත් එය නැරැඹීමට අවස්ථාක් දැන් ඔයාලට ලබාදීලා තියෙනවා.
ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..
Quality : 480p & 720p
Type : Mp4 
Duration : 37min
Episodes : 36
Language : Sinhala
Download කරගැනීමට පහල බටනය ක්ලික් කරන්න.
මෙම කතාමාලාවේ 1080p High Quality පිටපත් නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවද ඇත.
Free DownloadBuy
Watermark Added Without Watermark
Low Quality High Quality

SLMoviesHD වෙතින් නොමිලේ ඔබවෙත ලබාදෙන මෙම පිටපත SLMOVIESHDX264 සංස්කරණයකි.

Post a Comment

0 Comments